
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනෙක් සඳහා සේවය අත්හැරීමේ නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට (COPA) දැනුම් දී ඇත.
ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
විදේශගතව සිටින වෛද්‍යවරුන්ට නැවත මෙරටට පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත්, එම ලිපිය නිකුත් කර මසක් ඇතුළත ආපසු නොපැමිණියේ නම් සේවයෙන් ඉවත්වීමේ නියෝගය නිකුත් කරන බවත්, එවැනි අවස්ථාවන්හි දී ක්‍රියා කරන ආකාරය පිළිබඳව පැහැදිළි කළ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.
එමෙන්ම මෙම වසරේ මැයි 31 වන විට වෛද්‍යවරුන් 677 දෙනෙක් විදේශ පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවත්, ඔවුන් ඉදිරි වසර දෙක තුළ නැවත පැමිණිය යුතු බවත්, ඔහු සඳහන් කර තිබේ.
මෙම විශේෂඥ වෛද්‍යවරුන් ආපසු නොපැමිණෙන්නේ නම් කුඩා රෝහල්වලට ද බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එමෙන්ම තවත් වෛද්‍යවරුන් 612 දෙනෙක් පුහුණුව සඳහා විදේශ ගතවීමට සූදානම් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වන්නේ ආර්ථික අර්බුදය නිසා බවත්, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් සොයා ගැනීම තවත් බලාපොරොත්තුවක් බවත්, ඔහු පෙන්වාදෙයි.
එපමණක් නොව මෙම වසරේ වෛද්‍යවරුන් 300ක් විදේශගත වී ඇති අතර, විශේෂඥ වෛද්‍යවරුන් 2799ක් සිටිය යුතු නමුත්, දැනට සිටින්නේ 2148ක් පමණක් බවත්, දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් 651කගේ හිඟයක් පවතින බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart