
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ පළමු අදියර අද (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
වාර්තා වන අන්දමට දින දෙකක ඉසව්වක් වන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියට අයදුම්කරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
සම්මුඛ පරීක්ෂණයේ දෙවන අදියර සෙනසුරාදා (05) පැවැත්වේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් 8000ක් ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අනාවරණය කරයි.
කෙසේ වෙතත් බදවාගනු ලබන්නේ ඉන් 200-300 අතර සංඛ්‍යාවක් පමණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart