
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් ජීවිත අහිමි වූවන්ගෙන් 80%කගේ පමණ මරණ සහතික රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති බව වාර්තා වේ.
දෙපාර්තමේන්තුවට අනුව, මියගිය 519 දෙනෙකු සඳහා මේ වන විට මරණ සහතික නිකුත්කර ඇති අතර, හඳුනාගත් තවත් පුද්ගලයන් 92 දෙනෙකු සඳහා සහතික නිකුත් කිරීමට කටයුතු කරමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබුණු දත්ත මත පදනම්ව, ව්‍යසනයෙන් පසු පුද්ගලයන් 611 දෙනෙකුගේ මළ සිරුරු හඳුනාගෙන ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් සසිදේවි ජල්දීපන් පැවසුවාය.
නායයෑම් සහ ගංවතුර හේතුවෙන් දැනට අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති පුද්ගලයන් 164 දෙනාගෙන් 92 දෙනෙකුගේ නම් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරුකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව ඇය පැවසුවාය.
හඳුනාගත් සියලුම මළ සිරුරු සඳහා ප්‍රමාදයකින් තොරව මරණ සහතික නිකුත්කිරීමට පියවර ගනිමින් සිටින බව ජල්දීපන් තවදුරටත් පැවසුවාය.
මේ අතර, රජය විසින් පසුගිය 2 වැනිදා නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් යටතේ, හදිසි ආපදා හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ නියමිත කාල සීමාව තුළ කිසිදු තොරතුරක් නොලැබුණේ නම්, මරණ සහතික නිකුත්කිරීමට විධිවිධාන සලසා ඇත.
ඒ අනුව, ආපදාවෙන් අතුරුදහන් වූ පුද්ගලයකු සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් මතු නොවන්නේ නම්, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් බලය පවරන ලද පරිදි, ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අදාළ ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මරණ සහතික නිකුත් කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart