
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිතීවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් කෝටි 8 ක අධි සුඛෝපභෝගි SUV වර්ගයේ ජීප් රථයක් වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබේ.
ව්‍යාජ ලේඛන යොදා ජීප් රථය අලවි කිරීමේ අරමුණින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබියදී එය අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු විසින් මෙය ගෙන්වා ඇති බව වාර්තා වේ.
එම වෛද්‍යවරයා විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරියෙකුට ජීප් රථය විකුණා ඇති අතර ඔහු එම ප්‍රදේශයේම වෙනත් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ එය සඟවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
SUV වර්ගයේ මෙම ජීප් රථය මෝටර් රථ හා ප්‍රවාහන දෙපාර්තුමේතුවේ ලියාපදිංචි කර ඇත්තේ වෙනත් ව්‍යාපාරියෙකුගේ නමින් බවත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ඇත්තේ ජීප් රථය ඔහු සතුව නොතිබුණි බවත්ය.
තවද මෙහි අදායම් බදු ගෙවීමේ ලේඛනයන් ව්‍යාජ ඒවා බවත්, වෛද්‍යවරයා ශ්‍රී ලංකා රේගුවේ පුද්ගලයෙකුගෙන් සහය ඇතිව ව්‍යාජ ලේඛනයන් සකස් කර SUV වර්ගයේ ජීප් රථය ගෙන්වා ගනිමින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවට ද පොලිසිය සැක පල කරයි.
මේ සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුව ගැනීම සඳහා පොලිසි විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart