
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කරන ලදී.
එම රථවාහන 2025 ඔක්තෝබර් මස 24 (අද) දින සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතව ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කල මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුලින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.
තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීම තුළින් යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබාගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද්ධ හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියාව ලැබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක් කරන ලදී.(Army Media)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart