
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන නිකුත් කෙරුණු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් 73.45%ක් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.
එමෙන්ම ඇය පෙන්වාදුන්නේ, අයැදුම්කරුවන්ගෙන් 2.34%ක් සියලුම විෂයයන් අසමත් වී ඇති බවයි.
විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් 13,392ක් විෂයන් නවයටම ‘A’ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල හිමිකර ගෙන ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස සමස්ත අයැදුම්කරුවන්ගෙන් 4.15%ක් පමණ වන බවත් ඇය පෙන්වාදෙයි.
පළාත් අනුව ප්‍රතිඵල පිළිබඳ සළකා බැලීමේදී ඉහළම සාමාර්ථ අනුපාතය වන 75.64% වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි.
ඊට අමතරව බස්නාහිර පළාත – 74.47%, මධ්‍යම පළාත – 73.91%, නැගෙනහිර පළාත – 74.26%, සබරගමුව පළාත – 73.44%, ඌව පළාත – 73.14%, වයඹ පළාත – 71.47%, උතුරු මැද පළාත – 70.24% ක් සහ උතුරු පළාත – 69.86% ක් ලෙස සාමාර්ථ අනුපාතය වාර්තා වේ.
විෂය අනුව කාර්යසාධනය තුළ සිසුන්ගෙන් 69.07% ගණිතය සමත්ව ඇති අතර, 71.06% ක ප්‍රතිශතයක් විද්‍යාව විෂයත්, 73.82% ඉංග්‍රීසි විෂයත් සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart