
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව, ඉරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කර ඇත.
එහිදී, එම නිවසේ ගබඩා කර තිබූ, වට ප්රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක්බෙල්ලන් එක්දහස් එකසිය පනස්අටක (1158) තොගයක් සමඟ සැකකරුවකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වන මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart