
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පවතින දුම්රිය එන්ජින් හිඟයට පිළියමක් ලෙස දැනට ඉන්දියාවේ ධාවනය වෙමින් පවතින දුම්රිය එන්ජින් 20ක් ලබාදෙන ලෙස ඉන්දියානු රජයෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දැනට ධාවන තත්ත්වයේ පවතින එන්ජින් 20ක් සහ අමතර කොටස් ලබා ගැනීම සඳහා තවත් එන්ජින් තුනක් ලබාදීමට එකඟතාව පළවී තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර පවසයි.
එම එන්ජින්වල යෝග්‍යතාව පරීක්ෂා කර බැලීම සඳහා ඉංජිනේරුවන් සහ අනෙකුත් තාක්ෂණ ශිල්පීන් පිරිසක් එරටට එවන ලෙස සිදුකරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනකුගේ නම් ලිඛිතව යොමු කරන ලදුව ඒ අනුව තෝරාගත් නිලධාරීන් පිරිස ඉන්දියානු රජය ලබාදුන් ගුවන් ටිකට්පත් මගින් ඉන්දියාවට යවනු ලැබූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එන්ජින් දෙකක් නොව එන්ජින් විස්සක් පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් එහි ගොස් තිබෙන බවත්, ඔවුන් එහි දින තුනක් ගතකර තිබෙන බවත්, ඒ සඳහා සියලු වියදම් දරා තිබෙන්නේ ඉන්දියානු රජය විසින් බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දරා තිබෙන්නේ එක් අයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර් 400ක වියදමක් පමණක් බවද ඔහු පවසයි.
දුම්රිය මැදිරි පරිත්‍යාග කිරීමට අමතරව එය පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරීන්ගේ වියදම් දරා තිබෙන්නේ ඉන්දියානු රජය මගින් බවත්, එලෙස පරීක්ෂා කරන දුම්රිය එන්ජිමක වටිනාකම රුපියල් මිලියන 800ක් පමණ වන අතර එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 16000ක් බවත්, සාමාන්‍යාධිකාරීවරයා දන්වා සිටියි.
නිදහසින් පසු ඕනෑම විදේශීය රටකින් මෙවැනි පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. එසේම දැනට ලැබී ඇති මැදිරිවල තිරිංග පද්ධතිය, විදුලි පද්ධතිය ඇතුළු අනෙකුත් තාක්ෂණික කරුණු පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීම සඳහා ණය ගිවිසුමේ කොටසක් ලෙස අවස්ථාවක් ලබාදී තිබෙන බවත්, 65 දෙනකුගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් ඉන්දියාව වෙත යවනු ලබන්නේ ඒ සඳහා බවත්, ඔහු පවසයි.
ඒ ගමන් සඳහා ගුවන් ටිකට්පත්, නවාතැන් ඇතුළු සියලුම වියදම් කරනු ලබන්නේ ඉන්දියානු රජය විසින් බව ද ඒ අදාල ණය ගිවිසුමටම අනුව බවද ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart