
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය, කුරුඳුගහ නගරයේදී අද අලුයම ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 06 හැවිරිදි දැරියක ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු මෙන්ම ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගැහැණු ළමුන් තිදෙනකු අනතුරින් තුවාල ලබා තිබිණි.
මෙම පිරිස ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙක් මරණයට පත්ව ඇත.
තුවාල ලැබූ අනෙක් පිරිස තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මියගිය 06 හැවිරිදි දැරිය පිටිගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart