
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙසන් අලෙවි ජාලයේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට අයත් අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන බ්ලූ ඔරිජින් වෙතින් ගුවන්ගත කළ රොකට්ටුවකින් ඇමරිකානු සුපිරි පොප් ගායිකා කැටි පෙරී ඇතුළු කාන්තාවන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෘථිවි වායුගෝලය දක්වා ගමනකට එක්විය.
සුපිරි ගායිකාව සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස් ද මෙම ගමනට එක්ව සිටි අතර, ඔවුන් රැගත් රොකට්ටුව එරට වේලාවෙන් ඊයේ උදෑසන 8.30 ට අමෙරිකාවේ ටෙක්සාස් හි බටහිර ප්‍රදේශයෙන් ගමන ආරම්භ කර තිබිණි.
පියාසැරිය සම්පූර්ණ කිරීමට විනාඩි 10 ක පමණ කාලයක් ගත වූ අතර රොකට්ටුව පැරෂුටයකින් ආරක්ෂිතව නැවත ළගාවිය.
අභ්‍යවකාශ ගමනට එක්වූ සියලුදෙනා කාන්තාවන් වූ අතර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ගේල් කිං, චිත්‍රපට නිෂ්පාදක කෙරියන් ෆ්ලින්, හිටපු නාසා අභ්‍යවකාශ ඉංජිනේරු අයිෂා බෝව් සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රචාරක කණ්ඩායමක නිර්මාතෘ අමන්දා න්ගුයෙන් ඉතිරි සාමාජිකාවෝ විය.
අභ්‍යවකාශ යානය මගීන් අන්තර්ජාතිකව පිළිගත් අභ්‍යවකාශ සීමාව වන කර්මන් රේඛාවෙන් ඔබ්බට මගීන් පිරිස රැගෙන ගොස් තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ගේල් කිං පැවසුවේ කැටී පෙරී අභ්‍යවකාශයේදී ‘What a wonderful world’ ගීතය ගායනා කළ බවයි.
“එය 10 න් 10 යි. එය මගේ සමාලෝචනයයි. අනිවාර්යයෙන්ම එයට යන්න,” ආරක්ෂිතව පෘථිවියට පැමිණි පසු කැටී පෙරී පැවසුවාය.
සිය අභ්‍යවකාශ ගමන නිමවා නැවත පැමිණි පෙරී බිම සිප ගනිමින් ප්‍රීතියෙන් පසුවන අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
“මම හිතන්නේ මෙම අත්දැකීම මට පෙන්වා දී ඇත්තේ ඔබට කොපමණ ආදරය දිය යුතුද සහ ඔබට කෙතරම් ආදරය කරනවාද යන්න ඔබ තුළ කොපමණ ආදරයක් ඇත්දැයි ඔබ කිසි විටෙකත් නොදන්නා බවයි” ඇය පැවසුවාය.
ඊයේ සිදුවූ මෙම අභ්‍යවකාශ මෙහෙයුම 1963 දී වැලන්ටිනා තෙරක්ස්කෝවාගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනෙන් පසු කාන්තා අභ්‍යවකාශ කාර්ය මණ්ඩලයක් සහභාගී වූ පළමු ගමනයි.
එය වසර කිහිපයක් පුරාවට අභ්‍යවකාශ සංචාරක අත්දැකීම් ලබා දුන් Blue Origin විසින් සිදු කල 11 වැනි උප-කක්ෂික කාර්ය මණ්ඩල මෙහෙයුම ද වේ.
කෙසේවෙතත් සමාගම එහි New Shepard රොකට්ටුව මගින් කළ හැකි සංචාරවල මිල ප්‍රසිද්ධියට පත්කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart