
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත්, තලෛයිමන්නාරම වැලිපර හත ප්‍රදේශයේ අතරමන් කර දමා යන ලද, ශ්‍රී ලාංකික පුද්ගලයන් හයදෙනෙකු සිය භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන අනවසර සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත ලද තොරතුරකට අනුව, තලෙයිමන්නාරම වැලිපර හත ආශ්රිත මුහුදු ප්‍රදේශයේ 2025 සැප්තැම්බර් මස 13 වැනි දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි.
එහිදී, තලෛයිමන්නාරම හත්වැනි (07) වැලිපරය මත විජලනයට පත්ව දැඩි සෞඛ්‍ය අපහසුතාවයට ලක්ව පීඩාවට පත්ව සිටි පුද්ගලයන් හයදෙනකු (06) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී, මිනිස් ජාවරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන බවට පොරොන්දු වී, තලෛයිමන්නාරමට ඔබ්බෙන්වූ ශ්‍රී ලංකාවට අයත් හත්වැනි (07) වැලිපරය මත අතරමන්කර දමා යන ලද, එම පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පිරිස අවුරුදු 08 ත් 56 ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart