May 7, 2025

සිසුවකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වැනි වසරේ සිසුවකුට අප්‍රේල් 29 වැනිදා යතුරුපැදි සඳහා භාවිත කරන හිස් ආවරණවලින් පහරදුන් බවට චෝදනා කරමින් හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිල්ලට අදාළව සැකකාර සිසුන් ඊයේ හෝමාගම පොලිසියේ පෙනීසිටි අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කිරිඳිවැල, දෙල්ගොඩ, බුත්තල, කුලියාපිටිය සහ කලංකුට්ටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22, 23 සහ 24 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.