
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරයේ සීසීටීවී පද්ධතිය හරහා හඳුනාගත් මාර්ග නීති කඩ කළ රියදුරන් 4500කට අධික පිරිසකට දඩ නියම කර ඇති බව වාර්තා වේ.
පොලිස් සීසීටීවී කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගම්ලත් ප්‍රකාශ කර ඇත්තේ දඩ නියම කිරීම සඳහා රියදුරන්ගේ සීසීටීවී සාක්ෂි අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී ඇති බවයි.
වැඩිම මාර්ග නීති කඩකිරීම් සංඛ්‍යාවක් බොරැල්ල මංසන්ධියෙන් වාර්තා වී ඇති අතර, වැරදිකරුවන් වැඩි පිරිසක් ත්‍රිරෝද රථ සහ බස් රථ රියදුරන් බව නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගම්ලත් පවසා ඇත.
බොරැල්ල සහ නාරාහේන්පිට ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රමුඛ ස්ථාන 33ක සීසීටීවී කැමරා 106ක් සවිකිරීමෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ වසරේ පෙබරවාරි මාසයේ සිට සීසීටීවී දර්ශන හරහා මාර්ග නීති කඩකිරීම් සොයා බැලීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබිණි.
මංතීරු නීති කඩ කිරීම, මාර්ග සංඥා නොපිළිපැදීම, තහනම් ස්ථානවල වාහන නැවැත්වීම, මාර්ග සංඥාවල රතු එළි නොතකා ධාවනය කිරීම වැනි මාර්ග නීති කඩකිරීම් සීසීටීවී කැමරා මගින් නිරීක්ෂණය කෙරිණි.
සීසීටීවී වැඩසටහන හේතුවෙන් මාර්ග නීති කඩකිරීම් සැළකිව යුතු ලෙස අඩු වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගම්ලත් අනාවරණ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart