
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස් රථයක් පාලමකින් මීටර් 50ක් (අඩි 165ක්) පමණ පහළින් පිහිටි මිටියාවතකට පෙරළීමෙන් දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් හතළිස් පස්දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.
දිවි ගලවාගත් එකම පුද්ගලයා වූ අට හැවිරිදි දැරියක බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඊසානදිග ලිම්පෝපෝ පළාතේදී බස් රථය මාර්ගය ආසන්නයේ ඇති වැටද බිඳගෙන ප්‍රපාතයට පෙරළී තිබේ.
බසයේ මගීන් බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසකි.
දකුණු අප්‍රිකානු SABC පුවත් සේවයට අනුව රියැදුරුට බසය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව තිබේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් බ්‍රහස්පතින්දා සවස් වන තුරුම ක්‍රියාත්මක වූ අතර, සුන්බුන් අතරට ළඟා වීමට අපහසු බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු රජය අනතුරට හේතුව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart