
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.
එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ පවසන්නේ, 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.
ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.
එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව, එනම් නඩු 442 ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.
ඒ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.
කුරුණෑගල මහාධිකරණයේ නඩු 423 ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414 ක්, බදුල්ල 206 ක්, ගම්පහ 220 ක්, කළුතර 229 ක්, කෑගල්ල 206 ක්, මාතර 216 ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart