September 13, 2025

රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 42ක් පමණ 10 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් ඇති අය බවත් උසස් පෙළට වඩා ඉහළ සුදුසුකම් ඇත්තේ සියයට 26.7කට පමණක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංඛ්‍යාලේඛනය යුරෝපීය සංගමය (EU) හා සසඳන විට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර, රැකියා කරන ජනගහනයෙන් සියයට 15කට පමණක් අඩු අධ්‍යාපන සුදුසුකම් මට්ටමක් ඇත.

2025 පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බලකා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් රැකියා නියුක්තිකයන් ගණන මිලියන 8.1කි.

ඉන් මිලියන 1.3ක් රාජ්‍ය සේවකයන් වන අතර මිලියන 3.8ක් පෞද්ගලික අංශයේ සේවකයන් වේ.

රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 42ක් 10 ශ්‍රේණිය දක්වා සුදුසුකම් ලබා තිබුණද, දත්ත මගින් පෙන්නුම් කරන්නේ 2019 සිට 2025 පළමු කාර්තුව දක්වා සියයට 3.9ක අඩුවීමේ රටාවක් පෙන්නුම් කරන බවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් ශ්‍රම වෙළඳපොළේ ගැටළු ආමන්ත්‍රණය කරමින් පෙන්වා දෙන්නේ මුළු රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 62.4ක් වයස අවුරුදු 40 සහ ඊට වැඩි අය වන අතර සියයට 15.3ක් පමණක් අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩයේ සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළේ තරුණ සහභාගීත්වය අඩු මට්ටමක පවතින බව එමගින් ඉස්මතු කර පෙන්වයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, රැකියා සඳහා පිරිමි සහභාගීත්වය සැමවිටම කාන්තාවන්ට වඩා ඉහළ මට්ටමක පවතී.

“ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.6ක් පමණ වේ. ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයෙන් සියයට 27.6 ක් පිරිමින් වන අතර සියයට 72.4 ක් කාන්තාවන් වේ.”යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලුව උගත් පිරිමින්ට වඩාත් උග්‍ර බව සමීක්ෂණ ප්‍රකාශනයේ සඳහන් වූයේ, පසුගිය වසරවල එහි නිරන්තර නිරීක්ෂණයන්ට අනුවය.

රාජ්‍ය මූල්‍ය සමාලෝචනය පිළිබඳ මෑත කාලීන ලෝක බැංකු වාර්තාවට අනුව, ද්විතීයික අංශයේ රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 40ක් විශේෂඥයන් නොවන අය වන අතර එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ද්විතීයික පාසල් අධ්‍යාපනයක් ඇති නමුත් විශේෂිත හෝ වෘත්තීය පුහුණුවක් නොමැති අය බවයි.