
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිමඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරාගත් බව කියන සැකකරුවකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම රියදුරු බලපත්‍ර ඔහුගේ නිවසේ නිදන කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
බීමතින් රිය පැදවීමේ චෝදනාව මත එම සැකකරු පෙරේදා (5) රාත්‍රී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
කෙසේවෙතත් වැලිමඩ පොලිසිය රථවාහන අංශයේ නිලධාරීන් පසු දින රියදුරු බලපත් ඇති පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ රියදුරු බලපත්‍ර 41ක් අතුරුදන් වී තිබූ බව පොලිසිය පවසයි.
අනතුරුව CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු රථවාහන අංශය දෙසට ගමන් කරන ආකාරය සටහන් වී තිබූ බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart