
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට භාවිතය සඳහා අවසර ලබාදී තිබෙන පළිබෝධනාශක වර්ග අතරින් 40 ක්ම ලෝකයේ රටවල් රැසක් විසින් තහනම් කර තිබෙන අධි අන්තරායකර පළිබෝධනාශක “පෙස්ටිසයිඩ් ඇක්ෂන් නෙට්වර්ක් ඉන්ටර්නැෂනල්“ (PAN International) ආයතනය විසින් අනාවරණය කර ඇත.
එමෙන්ම,ගෘහාශ්‍රිත භාවිතයට අනුමත රසායනික අතර අධි අන්තරායකර පළිබෝධනාශක වර්ග 14 ක් තිබෙන බව “ශ්‍රී ලංකාවේ අධි අන්තරායකර පළිබෝධනාශක පිළිබඳ ජාතික වාර්තාව“එළි දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
ඉකුත් 2016 වසරේ නොවැම්බර් මස 24 වැනිදා නිකුත් කරන ලද අංක 1994/71 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මෙරට භාවිතයට නිර්දේශ කර තිබෙන පළිබෝධනාශක වර්ග අතරින් 40 ක් අධි අන්තරායකර පළිබෝධනාශක බවත්,මෙම පළිබෝධනාශක භාවිත කිරීම නිසා පිළිකා,ස්නායු පද්ධතියේ ආබාධ,ප්‍රජනන ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පැවසීය.
කොළඹදී ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කළේය.
පසුගිය වසර පහේදී,ලංකාව වසරක් තුළ වල් නාශක මෙට්‍රික් ටොන් 2,181 ක්,කෘමි නාශක මෙට්‍රික් ටොන් 1,183 ක් සහ දිලීර නාශක මෙට්‍රික් ටොන් 896 ක් භාවිත කර ඇත.
මෙම පළිබෝධනාශකවලින් වැඩි ප්‍රමාණයක් වී,එළවළු සහ තේ වගාවන්ට භාවිත කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙරට පළිබෝධනාශක සම්බන්ධව ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා දිස්ත්‍රික්ක 09 ක් ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart