
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ මගී ගුවන් යානා හතරක් අද උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට සහ ඉන්දියාවේ තිරුවනන්තපුරම් අන්තර්ජාතික ගුවන්තොටුපළට හරවා යවා තිබේ.
මෙලෙස මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට හරවා යවා ඇත්තේ ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-226, චීනයේ Guangzhou සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881, ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-174 දරණ යානායි.
තුර්කියේ ඉස්තාන්බුල්හි සිට පැමිණි තුර්කි ගුවන් සේවයට අයත් TK-730 යානය තිරුවානන්තපුරම් වෙත හරවා යවන ලදී.
මත්තලට හරවා යවන ලද ශ්‍රීලන්කන් ගුවන් යානය මගීන් නොබස්වා ඉන්ධන ලබා ගන්නා ලදී.
උදෑසන 7 වන විට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ අවට මීදුම් ඉවත් වීමෙන් පසු සාමාන්‍ය මෙහෙයුම් ආරම්භ වී තිබේ.
ඒ අනුව හරවා යවන ලද සියලුම ගුවන් යානා පෙරවරු 9 වන විට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ආපසු පැමිණ තිබිණි.
මීදුම් පහව ගිය පසු ගුවන් කාලසටහන් යථා තත්ත්වයට පත් වූ බව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ රාජකාරි කළමණාකරු තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart