
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හේලා ඇපරල් හොල්ඩින්ග්ස් (Hela Apparel Holdings PLC) සමාගම වසා දැමීමේ ක්‍රියාවලිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, එහි සේවය කළ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කරයි.
හේලා ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම්වල පවතින දැඩි මූල්‍ය අර්බුද හේතුවෙන් ඒවා ඈවර කිරීම සඳහා වාණිජ මහාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇතත්, ඊට පෙර සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් යටතේ සේවකයන් එමරල්ඩ් ක්ලෝතින් (Emerald Clothing Ltd) සමාගම වෙත පූර්ණ වශයෙන් අනුයුක්ත කර ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.
ආයෝජන මණ්ඩලයට ලැබී ඇති නිල තොරතුරුවලට අනුව විධායක නිලධාරීන් 251ක්, කාර්ය මණ්ඩල සේවකයන් 393ක් සහ අනෙකුත් සේවකයන් 3,030ක් ඇතුළු සමස්ත සේවකයන් 3,674 දෙනකු අදියර දෙකක් යටතේ එමරල්ඩ් ක්ලෝතින් සමාගම වෙත අනුයුක්ත කර තිබේ.
එහි පළමු අදියරේදී පාලපත්වෙල, තිහාරිය යන කර්මාන්තශාලා සහ එමරල්ඩ් ප්‍රධාන කාර්යාලයෙන් සේවකයන් 2,504 දෙනෙකු අනුයුක්ත කර ඇත.
දෙවැනි අදියරේදී නාඋල සහ උකුවෙල කර්මාන්තශාලා මෙන්ම ප්‍රධාන කාර්යාලයෙන් තවත් සේවකයින් 1,170 දෙනෙකු අනුයුක්ත කර තිබේ.
අනුයුක්ත කරන ලද සියලුම සේවකයන්ගේ සේවා කාලයේ බාධාවකින් තොරව, පෙර පැවති සේවා කොන්දේසි යටතේම එමරල්ඩ් ක්ලෝතින් සමාගම තුළ රැකියාවල නිරත වන බව තහවුරු කර ඇත.
ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව හරහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධීක්ෂණය කර ඇති අතර, ඉදිරියටත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ සේවා කොන්දේසි අධීක්ෂණය කිරීමට ආයෝජන මණ්ඩලය බැඳී සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart