
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය දික්කසාදය සඳහා හිමිවූ විසඳුම සම්බන්ධයෙන් කණගාටුවෙන් පසුවූ සිටි පුද්ගලයකු චීනයේ ජනාකීර්ණ ස්ථානයක් වෙත වේගයෙන් රිය පැදවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 35 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
ගිනිකොනදිග චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හි ක්‍රීඩා මධ්‍යස්ථානයක පිටත ව්‍යායාම කරමින් සිටි පුද්ගලයන් පිරිසක් වෙත සැකකරු එලෙස රිය ධාවනය කර ඇතැයි පැවසේ.
එහිදී මියගිය පුද්ගලයන්ගේ සිරුරු අදාළ ස්ථානයේ බිම වැටී ඇති අයුරු චීන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
සැකකරු 62 හැවිරිදි වියේ පසුවන ෆෑන් නමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.
ඔහු එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නමුත් සිදුකර ගත් තුවාල හේතුවෙන් සැකකරු ද මේ වන විට කෝමා තත්වයේ පසුවන බව සඳහන්.
දික්කසාදයෙන් පසු ඇති වූ දේපල බේරුම්කරණයක ප්‍රතිඵලයක් මත කෝපයට පත්වීම හේතුවෙන් සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බව පැවසේ.
චීන ජනමාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරට ලක්වූ බොහෝ පිරිසක් මැදිවියේ පසුවන සහ වයෝවෘද්ධ පුද්ගලයන් බව හා ඔවුන් බොහෝදෙනකු ව්‍යායාම්වල නිරත වෙමින් සිටි පුද්ගලයින් බවයි.
කෙසේවෙතත් තුවාලකරුවන් අතර ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් වන බව ද සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart