
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 45ක් සහ ඉන්දීය ධීවරයන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආසන්නතම සිදුවීම ලෙස යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයන් 11 දෙනෙකු සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන්දීය ධීවරයන් 11 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරේ වරායට රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව පවසයි.
විදේශීය ධීවර යාත්‍රාවල නීතිවිරෝධී මසුන් මැරීමේ ක්‍රියාදාමයන් මැඩලීම සඳහා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන්නේ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය කෙරෙහි එම ක්‍රියාවලීන්ගේ බලපෑම සැළකිල්ලට ගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart