
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුවේ හෝටලයක ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මුල්‍ය වංචා චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
මේ අතර, මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයුමක නිරත වූ බව කියන ඉන්දීය ජාතිකයන් 137 දෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ස්ථාන කිහිපයකින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 158ක්, ලැප්ටොප් පරිගණක 16ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 60ක් ද පොලිස් භාරයට ගෙන් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart