
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහඔය, කැකිරිහේන ප්රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමෙන් දරුවා රෝහල්ගත කර ඇති බවට දරුවාගේ මව පැමිණිල්ලක් ගොනු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මහඔය පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනවලදී, එම සිසුවාගේ පාසලේ ගුරුවරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගුරුවරුන් වයස අවුරුදු 34, 37 සහ 43 වයස්වල පසුවන මහඔය පදියතලාව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද(21) දෙහියත්තකණ්ඩිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart