
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ බෑණා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල අත්අඩංගුවට ගැනීමේදී නීතිවිරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අතුරුගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන මූලස්ථානයට මාරුකර යවා තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත කොළඹ දකුණු පොලිස් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කේ.බී. මනතුංග ඊයේ පැවසීය.
රංගන ශිල්පිනී මාධවී ඇන්තනීගේ සැමියා සහ නැසීගිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බෑණා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල හබරකඩ ඔහුගේ නිවස අසල සිල්ලර කඩයට ගොස් පැමිණෙමින් සිටියදී සිකුරාදා සවස අතුරුගිරිය පොලිසියේ යැයි කියමින්සිවිල් ඇඳුමින් සිටි තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගත් බව කියා සිටී.
ජාතික හැඳුනුම්පත තමන් ළඟ නොතිබීම හේතුවෙන් නිලධාරීන් තමන් අත්අඩංගුවට ගත් බව ඔහු කියා සිටී.
එම නිලධාරීන් තමන්ව අතුරුගිරිය පොලිසියට රැගෙන ගිය බවත් පොලිස් ත්‍රිරෝද රථයෙන් තමාව එම ස්ථානයට රැගෙන යද්දී නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස තම දෑත් අල්ලාගෙන සිටි බවත් හීනටිගල චෝදනා කරයි.
තම සිඟිති දරුවා රැකබලා ගන්නා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී පොලිසියට ගෙන්වා ගත් පසු තමාට සහ තම බිරිඳට අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දැඩි ලෙස බැණවැදුණු බව ඔහු පැවසීය.
පැය දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් පසු තමා නිදහස් කළ බව ද ඔහු සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පැවසුවේ, අදාළ නිලධාරීන් නීතියට පටහැනිව ක්‍රියාකර ඇත්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවත්, එසේ වුවහොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart