
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 133.94ක් පමණ වටිනා ‘කුෂ්’ සහ ‘හෂිෂ්’ තොගයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ හරිත නාලිකාව හරහා නීති විරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ මගීන් තිදෙනෙකු අද (25) උදෑසන ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් අය අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදෙනෙකු සහ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි 32 හැවිරිදි ව්‍යාපාරිකයකු වේ.
29 හැවිරිදි දෙදෙනා ගඩොල් කපන්නකු සහ ව්‍යාපාරිකයකු බව කියැවේ.
මොවුන් තිදෙනා අද (25 )අලුයම 4.00ට පමණ ඕමානයේ මස්කට් සිට සලාම් එයාර් OV-437 ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.
පාර්සල් 10ක අසුරා තිබූ ‘කුෂ්’ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ පාර්සල් 18ක අසුරා තිබූ ‘හෂිෂ්’ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 912ක් රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
මේවා ගමන් මලු පහක සඟවා තිබී ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart