
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීළඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම 2024 නොවැම්බර් 4 වන දින නිල වශයෙන් අවසන් වූ අතර, දැවැන්ත TATA IPL 2025 සැණකෙළියේ සාමාජිකත්වය ලබාගැනීමට ක්‍රීඩකයන් 1,574 ක් (ඉන්දියානුවන් 1,165 ක් සහ විදේශයන්හි 409 ක්) ලියාපදිංචිවී තිබේ.
ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 සහ 25 දෙදින පුරා සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වේ.
මෙම ලැයිස්තුවට මීට පෙර තරඟ වැදුණු ක්‍රීඩකයන් 320 ක්, තරඟ නොවැදුණු ක්‍රීඩකයන් 1,224ක් සහ Associate Nations පදනමින් ක්‍රීඩකයන් 30 ක් ඇතුළත් වේ.
සවිස්තරාත්මක ලැයිස්තුව පහත පරිදි වේ:
තරග වැදුණු ඉන්දියානු ක්‍රීඩකයන් – 48
තරග වැදුණු විදේශීය ක්‍රීඩකයන් – 272
පෙර IPL වාරයේ කොටස්කරුවන් වූ තරගවලට සහභාගී නොවූ ඉන්දියානු ක්‍රීඩකයන් – 152
පෙර IPL වාරවල කොටස්කරුවන් වූ තරගවලට සහභාගී නොවූ විදේශීය ක්‍රීඩකයන් – 3
අලුතින්ම අයැදුම් කරන ඉන්දියානු ක්‍රීඩකයන් – 965
අලුතින්ම අයැදුම් කරන විදේශීය ක්‍රීඩකයන් – 104
රටවල් අනුව ක්‍රීඩකයන් ලියාපදිංචිවී ඇත්තේ පහත පරිදිය :
ඇෆ්ගනිස්ථානය 29
ඕස්ට්‍රේලියාව 76
බංග්ලාදේශය 13
කැනඩාව 4
එංගලන්තය 52
අයර්ලන්තය 9
ඉතාලිය 1
නෙදර්ලන්තය 12
නවසීලන්තය 39
ස්කොට්ලන්තය 2
දකුණු අප්‍රිකාව 91
ශ්‍රී ලංකාව 29
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1
ඇමරිකා එක්සත් ජනපදය 10
බටහිර ඉන්දීය කොදෙව් 33
සිම්බාබ්වේ 8
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart