
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 25,000ක් පමණ සේවය හැර ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි.
හමුදා සෙබළකු මෙලෙස නොපැමිණෙන අයකු ලෙස සැළකූ විට ඔවුන්ට පොදු සමාවක් හෝ විනය ක්‍රියාවලියකට යටත් කළ බව මේජර් ජෙනරාල් කුමාර සඳහන් කරයි.
“එක්කෝ ඔවුන්ව අල්ලා ගන්නවා, නැතහොත් ඔවුන් ස්වේච්ඡාවෙන් ආපසු සේවයට වාර්තා කරනවා. ඉන්පසු ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා අතර පසුව ඔවුන් සේවයට වාර්තා කරනවා. සමහර අයට පොදු සමා කාලයක් ද ලබා දී හිඟ ගෙවීම් පියවීමෙන් පසු පිටව යෑමට ඔවුන්ට ඉඩ සලසනවා” යනුවෙන් ඔහු පවසයි.
අප්‍රේල් මාසයේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා යම් යම් කොන්දේසිවලට යටත්ව මාසයක් පුරා පොදු සමා කාලයක් (අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා) ප්‍රකාශයට පත් කරන ලදී.
එය, රුසියානු-යුක්රේන ගැටුමේ පෙරමුණේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා සොල්දාදුවන් පිළිබඳ රුසියාවෙන් වැඩිවන වාර්තා මධ්‍යයේ, වැඩි වැටුප් පොරොන්දුවෙන් සටනට පොළඹවා ඇති බවට ද වාර්තා වේ.
මේජර් ජෙනරාල් කුමාර පවසන පරිදි සෙබළකුගේ මූලික වැටුප රු. 29,540ක් පමණ වූවද දීමනා සමඟ එය රු. 54,000ක් පමණ වේ.
කෙසේවෙතත් හමුදා සෙබළුන් හමුදාව හැර යෑමේ ප්‍රවණතාවක් ඇතැයි ඔවුන් විශ්වාස නොකරන බවද මේජර් ජෙනරාල් කුමාර පවසයි.
යුද හමුදාවට අලුතින් සෙබළුන් 3000ක් බඳවා ගැනීම සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු සඳහන් කර තිබේ.
2008 වසරේ යුද්ධය අවසන් වුවද සෑම වසරකම 10,000ක් පමණ අලුතින් බඳවාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
එහෙත් මේ වන විට එතරම් සංඛ්‍යාවක් බඳවා ගැනීමට අවශ්‍ය නොවන බව ද ඔහේ පෙන්වාදෙයි.
පසුගිය වසරේ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබුණේ ‘හොඳ සමබර’ ආරක්ෂක බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් 2024 දී 135,000 දක්වා සහ 2030 වන විට 100,000 දක්වා හමුදා සාමාජිකයන් සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart