
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක වීසා කොන්දේසි කඩකරමින් මීගමුවේ අන්තර්ජාල අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තරුණ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් මූලික විමර්ශනයකින් අනතුරුව, පරිගණක ඇතුළු උපකරණ සවිකර කාර්යාල අවකාශයක් බවට පත් කර තිබූ මීගමුව ප්‍රදේශයේ කුලී නිවසක් වටළා තිබේ.
ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක් පැවසුවේ වයස අවුරුදු 24ත් 25ත් අතර පසුවන මෙම විදේශිකයන් සංචාරක වීසා මත පෙබරවාරි සහ මාර්තු මාසවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස මාර්තු 31 වැනිදා දක්වා රටවල් කිහිපයකට ලබා දී ඇති නොමිලේ වීසා බලපත්‍ර කොන්දේසිය මෙම කණ්ඩායම භාවිත කර ඇත.
කෙසේවෙතත් එම නිලධාරියා කියා සිටියේ නීතිය යටතේ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට කිසිදු වැටුප් සහිත හෝ වැටුප් නොගෙවන රැකියාවක නිරත වීම තහනම් බවයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගේ උපදෙස් මත වැලිසර පිහිටි දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරුකර යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart