
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගත් වසර ලෙස 2025 මෙරට ඉතිහාසයට එක්වෙයි.
පොලීසිය, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ 2025 වසරේදී කළ වැටලීම්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1821යි ග්‍රෑම් 174ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 3864ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මේ මත්ද්‍රව්‍යවල විථි වටිනාකම රුපියල් කෝටි 1000කට අධිකය.
මෙයට පෙර වසරකදී වැඩියෙන්ම හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේදීය. එම වසරේදී අත්අඩංගුවට ගෙන ඇති හෙෙරායින් ප්‍රමාණය කිලෝ 1741යි ග්‍රෑම් 992කි. අයිස් මත්ද්‍රව්‍ය 2025 වසරට පෙර වැඩියෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ 2024 වසරේදී වන අතර, එම ප්‍රමාණය කිලෝ 1364යි ග්‍රෑම් 254කි.
2017 වසරේදී මෙරටින් අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑම් 96ක් පමණි. අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් ක්‍රමයෙන් ඉහළ යන්නේ එම වසරේ සිටයි. ඊට පෙර වසරවල අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වාර්තා නොවන තරම්ය. ඊට මුල්වන්නේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වීමට නීතියක් මෙරට නොවීමය. 2018 වසරේදී කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් ද, 2019 වසරේදී කිලෝ 35කට වැඩි ප්‍රමාණයක් ද, 2020 වසරේදී කිලෝ 91ක් ද වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුව ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යා දත්තවලින් අනාවරණය වේ. එම සංඛ්‍යා දත්තයන්ට අනුව 2021 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 377ක් ද, 2022 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 284ක් ද, 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 83ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දත්තවලට අනුව 2001 වසර දක්වා හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නැත. 1999 වසරේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙෙරායින් කිලෝ 68යි ග්‍රෑම් 500කි. 2000 දී කිලෝ 94ක් ද, 2001දී කිලෝ 102ක් ද, 2002දී කිලෝ 62ක් ද, 2003 දී කිලෝ 54ක් ද, 2004 දී කිලෝ 78ක් ද, 2005 දී කිලෝ 48ක් ද, 2006 දී කිලෝ 53ක් ද, 2007දී කිලෝ 07ක් ද, 2008 දී කිලෝ 11ක් ද, 2009දී කිලෝ 37ක් ද වශයෙන් හෙරොයින් අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත. 2010 වසරේදී කිලෝ 132ක් ද, 2011 දී කිලෝ 39ක් ද, 2012 දී කිලෝ 33ක් ද වශයෙන් ඒ ඒ වසරවලදී හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දත්තයන්ට අනුව වැඩි ප්‍රමාණවලින් හෙෙරායින් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ 2013 වසරින් පසුවයි. එම වසරේදී කිලෝ 350ක් හෙෙරායින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ වන විට ඉතිහාසයේ වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම් සනිටුහන් කරමිනි. 2014දී කිලෝ 312ක් ද, 2015දී කිලෝ 46ක් ද, 2016 දී කිලෝ 206ක් ද, 2017 දී කිලෝ 314ක් ද, 2018 දී කිලෝ 37ක් ද වශයෙන් හෙෙරායින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසරකදී මෙරටින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් ප්‍රමාණය 1000 ඉලක්කම පසුකරන්නේ 2019 වසරේ සිටයි. එම වසරේ අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය කිලෝ 1742කි. 2020දී කිලෝ 1251ක් ද, 2021දී කිලෝ 1630ක් ද, 2022 දී කිලෝ 1677ක් ද, 2023දී කිලෝ 851ක් ද, 2024දී කිලෝ 832ක් ද වශයෙන් හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇතැයි සංඛ්‍යා දත්තවලින් පෙනී යයි.
2025 වසරේදී ගංජා කිලෝ 17,189ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 2024දී ගංජා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලෝ 8359කි. 2023දී එම ප්‍රමාණය කිලෝ 10,2020කි. මෙරට ඉතිහාසෙය් වැඩියෙන්ම ගංජා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේදීය. එම ගණන කිලෝ 203,500කි.
2025 වසරේදී මත්කරල් ලක්ෂ 40ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart