
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පත ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත.
සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියක්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත්ය.
ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්‘ සහ ‘ජවාන්’ මෙම මෙම වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමිනි.
ෂාරුක් ප්‍රධාන චරිතය නිරූපණය කරන තවත් චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ අනිද්දා (21) සිට තිරගත වීමට නියමිතව ඇත.
‘ඊස්ටර්න් අයි’ පුවත්පතට අනුව, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රාය.
විචාරකයන්ට අනුව, ෂාරුක් ඛාන්ට සුවිශේෂී වසරක් ලෙස මෙම වසර සැළකිව හැකිය.
සුප්‍රසිද්ධ ‘ටයිම්ස්’ සඟරාව නම්කළ 2023 වසරේ ලොව ලොකුම බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරේ මෙන්ම ලොව ධනවත්ම රංගන ශිල්පින් අතරේ ද ෂාරුක් ඛාන් සිටියි.
ඔහු සතු මුළු වත්කම්වල වටිනාකම ඩොලර් කෝටි 60කි.
1965 වසරේ නොවැම්බර් 02 වැනිදා උපන් ඔහු, රංගන කලාවට පිවිසුණේ 1988 වසරේ තිරගත වූ රූපවාහිනී ටෙලිනාට්‍ය මලාවකිනි.
1992 ‘දීවානා’ චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹු ඔහු, සිනමාකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු ද වේ.
සුප්‍රසිද්ධ ‘රෙඩ් චිලීස් එන්ටර්ටෙන්මන්ට්ස්’ චිත්‍රපට නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමේ අයිතිකරු වන්නේද ඔහුය.
ඊට අමතරව ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට තරග වදින ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ පිලේ හිමිකරු වන්නේ ද ඔහුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart