
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.
මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.
අගමැති අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය සහ කෞශල්‍යා ආරියරත්න ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය.
මේ අතර සමන්මලී ගුණසිංහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සරෝජා පෝල්යාජ් ජාතික බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද නිලූෂා ගමගේ ජාතික බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සාගරිකා ආතාවුද ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, හිරුණි විජේසිංහ ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද, හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද, දීප්ති වාසලගේ ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටියි.
හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටියි.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවටද කාන්තාවන් තිදෙනෙක් ඇතුලත් කර ඇති අතර, සිය ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් එම පක්ෂය විසින් මෙතෙක් නම්කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart