
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සති කිහිපය තුළ වොෂින්ටන් ප්‍රාන්තයේ සත්ව අභයභූමියක සිටි බෙංගාල ව්‍යාඝ්‍රයකු සහ කූගර් සතුන් හතරදෙනෙකු ඇතුළු බළල් පවුලට (big cats) අයත් සතුන් විස්සක් කුරුලු උණ රෝගයෙන් මියගොස් ඇත.
“මෙම ඛේදවාචකය අපගේ කණ්ඩායමට දැඩි ලෙස බලපා ඇති අතර, මෙම ඇදහිය නොහැකි සතුන් අහිමි වීම ගැන අපි සැවොම ශෝක වෙමු” යනුවෙන් වොෂින්ටනයේ වයිල්ඩ් ෆෙලිඩ් උපදේශන මධ්‍යස්ථානය ෆේස්බුක් හි සටහනක සඳහන් කර තිබේ.
කැළෑ පක්ෂීන් විසින් රැගෙන එන විනාශකාරී වෛරස් ආසාදනය, මූලික වශයෙන් ශ්වසන ස්‍රාවයන් සහ කුරුලු සම්බන්ධතා හරහා පැතිරෙන අතර, කුරුලු මාංශ නිෂ්පාදන ආහාරයට ගන්නා ක්ෂීරපායින් මගින්ද ආසාදනය විය හැක.
මේ වනවිට අදාළ අභයභූමිය නිරෝධායනයට ලක්කර ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව වෙනුවෙන් විවෘත නොකර තාවකාලිකව වසාදමා තිබේ.
නොවැම්බර් අග සිට දෙසැම්බර් මැද දක්වා කාලය තුළ සතුන් මියගිය බව අභයභූමියේ අධ්‍යක්ෂ මාර්ක් මැතිව්ස් නිව් යෝර්ක් ටයිම්ස් වෙත පවසා ඇත.
“අපට කවදාවත් එවැනි දෙයක් වෙලා නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් මියයන්නේ මහලු වියේදීයි,” ඔහු පවසයි. ”
කුරුලු උණ අමෙරිකාවේ ගවයන් සහ කුකුළන් අතර අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් ඇති අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයකු හඳුනාගත් බවට වන ප්‍රවෘත්තියක් පළවීමෙන් අනතුරුව මෙම බළල් කුලයේ සතුන් මියයාම වාර්තා විය.
අභයභූමිය ප්‍රකාශ කළේ, අප්‍රිකානු බළලුන් පස්දෙනෙකු, බොබ්කැට් හතරක්, කැනඩා ලින්ක්ස් දෙදෙනකු සහ බෙංගාල ව්‍යාඝ්‍රයෙකු ඇතුළු තවත් සතුන් පිරිසක් ද මියගොස් ඇති බවයි.
දැනට එම මධ්‍යස්ථානයේ ඉතිරිව ඇත්තේ බළල් කුලයේ විශාල සතුන් 17 දෙනකු පමණක් බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart