
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපල සංවර්ධනය කර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආයෝජකයන් 19දෙනකු ඉදිරිපත්වී ඇත.
ගුවන්තොටුපලේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආයෝජන අවස්ථා සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය පසුගිය සතියේ අවසන්වූ අතර, ඊට මෙලෙස ආයෝජකයන් 19ක් සහභාගිවී තිබේ.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපල සංවර්ධනය කිරීම වෙනුවෙන් උනන්දුව ප්‍රකාශ කරන පාර්ශ්වයන්ගෙන් ඒ වෙනුවෙන් ලිපි (EOIs) කැඳවීම මෙම වසර ආරම්භයේදී සිදුවිය.
ලැබී ඇති ලංසු මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතින බවත් මාසයක කාලයක් ඇතුළත අවසන් තීරණය ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කරයි.
ගුවන්තොටුපොළේ පහසුකම් භාවිත කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වීමට උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් ඒ සඳහා කැමැත්ත පලකිරීමේ ලිපි කැඳවීම සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් 2023 ජනවාරි 08 වන දින අනුමැතිය ලබාදෙන ලදී.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart