
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ඊයේ (21) පැමිණි සිසුවියකට කළ විහිළුවක් සම්බන්ධයෙන් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 17 දෙනකු තුවාල ලබා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ, කුරුණෑගල සහ ගම්පහ ප්‍රදේශවල පාසල් සිසුන් පිරිසක් බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන්ගේ ශිෂ්‍ය භට පුහුණුව වසරකට තහනම් කර ඇති බවත්, ඔහු සඳහන් කරයි.
කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවියකට ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු විසින් කරන ලදැයි කියන විහිළුවක් දුරදිග යෑමෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පැමිණ ඒ පිළිබඳව ගම්පහ පාසලේ සිසුන්ගෙන් විමසා ඇත.
එහි දී ඇති වූ බහින් බස්වීමක දී එක් සිසුවකුට කළ පහරදීම හේතුවෙන් සිසුන් දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තිබූ බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
මෙම ශිෂ්‍ය භට පුහුණුව සඳහා කොළඹ, කුරුණෑගල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකින් සිසුන් 800ක පමණ පිරිසක් සහභාගිවී ඇති බව ද එම නිලධාරියා පවසයි.
තෙල්දෙණිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ඩී.යූ. බී. පලිහවඩනගේ උපදෙස් පරිදි හසලක පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart