
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 දා) සිට ආරම්භ කර ඇත.
නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් බඳවා ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මූලස්ථාන පොලිසියකට කම්කරුවන් සිව්දෙනකු ද පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනකු ද අනෙකුත් සියලුම පොලිස් ස්ථානවලට කම්කරුවන් දෙදෙනා බැගින් ද බඳවාගැනීමට කටයුතු කර ඇත.
මෙසේ බඳවා ගන්නා එක් කම්කරුවකුට රුපියල් 1500ක දෛනික දීමනාවක් ලබා දෙන අතර ඔවුන් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් පොලිස් බල ප්‍රදේශයේ ඇති සියලු නීති විරෝධී කටවුට්, බැනර්, පෝස්ටර්, සැරසිලි ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.
මෙම කටයුත්ත අපක්ෂපාතී අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසයි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart