
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම යළි පණ ගැන්වීමේ උත්සාහයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි වෙළෙඳාම් නඩුවේ තවත් චූදිතයකු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) අත්අඩංගුවට ගෙන තිබේ.
තමිල්නාඩුවේ මෙම නඩුවේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන ‘ලිංගම් ඒ’ නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගැනීමත් සමඟ, 2022 ජූලි මාසයේදී පවරන ලද ශ්‍රී ලංකා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළඳාම් නඩුවට අදාලව මේ වන විට පුද්ගලයන් 14 දෙනකු NIA අත්අඩංගුවට පත්ව ඇත.
චෙන්නායි හි පදිංචිකරුවෙකු වන ලිංගම් තවත් චූදිතයෙකු වන ගුණසේකරන්ගේ සමීපතමයෙකු වූ අතර, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ “මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමේ ආදායම” විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ගනුදෙනු සඳහා අතරමැදියකු ලෙස ක්‍රියා කර ඇත.
මොහු විසින්, ඉන්දියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටීම නීත්‍යානුකූල කිරීම සඳහා ජාවාරමේ සාමාජිකයන් සඳහා ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර ඇති බව NIA විමර්ශනවලට අනුව අනාවරණය වී තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් සියලු දෙනාම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රියාකාරීව කටයුතු කළ අයයි.
ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් දෙරටේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනර්ජීවනය සඳහා අරමුදල් ලබා ගැනීම සහ ආයුධ රැස් කිරීම සඳහා යොදවා ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart