
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ගව ගොවිපොළවල් 14,294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී වැසීගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පංශු සම්පත් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම කාලය තුළ ඌව පළාතේ ගව ගොවිපොළවල් 6,961ක්, වයඹ පළාතේ 964ක්, නැඟෙනහිර පළාතේ 894ක්, උතුරුමැද පළාතේ 723ක්, දකුණු පළාතේ 665ක්, මධ්‍යම පළාතේ 2,289ක්, සබරගමුව පළාතේ 847ක් වැසී ගොස් ඇති බවද පංශු සම්පත් සැලසුම් කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කයේ ගව ගොවිපොළවල් 376ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිපොළවල් 31ක් මෙම කාලය තුළදී වැසීගොස් ඇත.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පංශු සම්පත් සැලසුම් කාර්යලය පෙන්වා දෙන්නේ මෙම කාලය තුළදී අලුතින් ගව ගොවිපොළවල් 17,843ක් ආරම්භකොට ඇති බවය.
එහෙත් මෙකී සංඛ්‍යාලේඛනවලට අනුව සැබෑ ලෙසම අලුතින් ආරම්භ කොට ඇත්තේ ගව ගොවිපොළවල් 3,549කි.
වැඩිම ගව ගොවිපොළවල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 5,653කි.
එහෙත්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඌව පළාත් අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ගව ගොවිපොළවල් 8,775ක් සක්‍රිය මට්ටමේ පවතින බවය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart