
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වෛභව් සූර්යවංශි පිරිමි විස්සයි 20 තරගයකදී ශතකයක් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වී තිබේ.
ඒ අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි වේගවත්ම ශතකය රැස්කළ සූර්යවංශි ඉන්දීය ක්‍රීඩකයකු විසින් පන්දු 35කින් ලබාගත් වේගවත්ම ශතකය රැස්කිරීමට සමත් වූයේ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෙකු වන රශීඩ් කාන්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් ය.
තවමත් ළාබාල වියේ පසුවන මෙම වමත් පිතිකරුවා හතරේ පහර 7ක් සහ හයේ පහර 11ක් සමගින් පන්දු 38 කදී ලකුණු 101ක් රැස්කළේය.
මෙම තරගයේදී ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
පසුගිය මාසයේ 14 වැනි වියට පා තැබූ සූර්යවංශි, පසුගිය වසරේ IPL වෙන්දේසියේදී රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.
ඒ අනුව ඔහු IPL තරගාවලියක් සඳහා සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහුගේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමෙන් පෙරළිකාර ආරම්භයක් ලබා ගත්තේය.
ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහත link එක ඔස්සේ විවෘත කරන්න
https://www.iplt20.com/video/62002/sensational-vaibhav-suryavanshi-smashes-fastest-fifty-of-ipl-2025-season
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart