April 9, 2026

නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැගෙන කොස්ලන්ද නගරයේ සිට මකල්දෙණිය ගම්මානයට ධාවනය වෙමින් තිබූ කුලී ගමන් යන ත්‍රිරෝද රථයක් 07 වැනිදා දහවල් කොස්ලන්ද පොලිසිය මගින් පරීක්ෂා කර එහි රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ත්‍රිරෝද රථයේ 08, 09 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකොළොස්දෙනකු සහ වැඩිහිටි පුද්ගලයන් තිදෙනකු සිට ඇත.

මෙම සිසු සිසුවියන් පාසල් නිම වීමෙන් පසු නිවෙස්වලට රැගෙන යමින් සිටියදී මෙලෙස රථය පොලිසිය භාරයට ගෙන තිබේ.

කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇත.

පසුව නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

එතෙක් ත්‍රිරෝද රථයේ ලියකියවිලි සහ රියැදුරුගේ හැඳුනුම්පත පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම ප්‍රදේශය දැඩි ප්‍රවාහන අපහසුතා ඇති ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීහු කියති.

කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.(දිවයින)