
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කරමින් ධාවන තරඟවල නිරත වූ 14 දෙනෙකු පන්නිපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදිකරුවන් හයිලෙවල් පාරේ මහරගම සිට කොට්ටාව දක්වා අපරික්ෂාකාරී ලෙස ධාවන තරගවල නිරත වෙමින් සිටියදී ඊයේ අලුයම මෙම වැටලීම සිදුකර ඇත.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේ දී යතුරුපැදිකරුවන් 14 දෙනෙකු යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන පණිවුඩ හරහා රටේ විවිධ ප්‍රදේශවලින් මෙම යතුරුපැදිකරුවන් පැමිණ ඇති බවද හෙළිවී ඇත.
මුදල් ඔට්ටු මත මෙම තරඟ සංවිධාන කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart