
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාල මූල්‍ය වංචා සඳහා සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයන් 137 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සියලු දෙනා පිරිමි පුද්ගලයන්ය.
දිවයිනේ ස්ථාන කිහිපයක සිට ක්‍රියාත්මක වූ මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් සිදු කර තිබිණි.
ඒ අනුව මීගමුව, කොච්චිකඩේ, මාදිවෙල සහ තලංගම යන ප්‍රදේශවලදී අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මීගමුවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනා සතුව තිබූ ජංගම දුරකථන 55ක් සහ පරිගණක 29ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 53ක් වන අතර ඔවුන් සතු පරිගණක 31ක් සහ ජංගම දුරකථන 58ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මාදිවෙල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 13කි.
එම ස්ථානයෙන් ලැප්ටොප් පරිගණක 8ක් සහ ජංගම දුරකථන 38ක් සොයා ගෙන ඇති අතර තලංගම ප්‍රදේශයේදී ලැප්ටොප් පරිගණක 8ක් සහ ජංගම දුරකථන 38ක් සමඟ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සියලු සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 158ක්, ලැප්ටොප් පරිගණක 16ක් සහ පරිගණක 60ක් පොලිස් භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart