
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ජනාධිපති ශිෂ්‍යත්ව 2024’ වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මෙය ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවය.
අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24ක කාලයක් මෙම ශිෂ්‍යත්වය හිමිවේ.
මෙම වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 824කි.
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් වෙන්කර ඇත.
අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් වෙන් කරඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.
පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart