
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු පුද්ගලයන් 11,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වී තිබේ.
මෙයින් 8,000ක් පමණ ෆයිසර්(Pfizer) එන්නත් මගින් වන අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ (AstraZeneca) බලපෑමට ලක්ව ඇත්තේ 1,500ක් පමණක් බව එම වාර්තා කියයි.
බිලියන තුනකට වඩා වැඩි මාත්‍රා නිකුත් කිරීමෙන් පසුව, Oxford-AstraZeneca කොවිඩ් එන්නත භාවිතයෙන් ඉවත් කරගැනීමට එම සමාගම තීන්දුවක් ගැනීමත් සමඟ මේ තොරතුරු දැන් කතාබහට ලක්ව තිබේ.
ඒ සමඟම අනෙකුත් කොවිඩ් එන්නත්වලට එරෙහි විරෝධයක්ද මතුව තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා සමාගම පැවසුවේ ඔවුන් සිය එන්නත ගැන “ඇදහිය නොහැකි තරම් ආඩම්බර වන” නමුත් මෙය ක්‍රියාත්මක කළේ වාණිජමය තීරණයක් මත බවයි.
ඇස්ට්‍රාසෙනෙකා සම්බන්ධව අදහස් දක්වන විශේෂඥයන් තවමත් සිටින්නේ එය විශිෂ්ට එන්නතක්ය යන ස්ථාවරයේය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු සිරුරේ රුධිර කැටි ඇතිවීම හේතුවෙන් මියගිය බවට චෝදනා 81ක් පමණක් ගොනුව ඇති නමුත් එයද සැකයෙන් තොරව ඔප්පු කර නැත.
මෙම එන්නත මිලියන ගණනකගේ ජීවිත බේරා දීමට සමත් වූ බව එයට පක්ෂව කරුණු දක්වන විද්වත්හු පෙන්වා දෙති.
එමෙන්ම අනෙකුත් එන්නත් හේතුවෙන් හානියට පත් පිරිස මෙයට වැඩි බවද ඔවුන් සඳහන් කර ඇත.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart