
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 105 දෙනෙක් අසාදු ලේඛනගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තවමත් දැනුම් දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙරටින් පිටව යන පසුබිමක නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ වෛද්‍යවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අපොහොසත් වී තිබේ.
2022 ජනවාරි 01 සිට ජූනි 20 දක්වා කාලය සඳහා විශේෂඥයන් 105 දෙනෙක්ගේ අමාත්‍යාංශය සකස් කළ ලැයිස්තුවට ඇතුලත් බව පැවැසේ
කෙසේ වෙතත්, මීට පෙර අවස්ථා වලදී සංක්‍රමණික විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කළ විට ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී මන්දගාමී පියවරක් අනුගමනය කළ බව අමාත්යංශය ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් නීතිවිරෝධී විදේශගත වීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, එවැනි විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරයි.
වෛද්‍යවරුන් ඇතුළු ඕනෑම රජයේ සේවකයෙක්ට විදේශගත වීමට අවශ්‍ය නම් අගමැතිවරයාගේ සහ විෂයභාර ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.
කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ වෛද්‍ය විශේෂඥයන් 120කට අධික සංඛ්‍යාවක් පූර්ව දැනුම්දීමකින් තොරව සංක්‍රමණය වී ඇති අතර එය නීති විරෝධී බවත්, ඒ අනුව, අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන විදේශගත වී ඇති විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලය ඇති බවත්, වෛද්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම නිසි අවසරයකින් තොරව මේ වනවිට විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන යන බවත්, මෙම වෛද්‍යවරුන්ට දඩ මුදල් ගෙවීමට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය අවලංගු කිරීමට ද මුහුණ දීමට සිදුවනු ඇති බවත්, ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart