
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශාන්ත ලුසියා වෙනුවෙන් පළමු ඔලිම්පික් පදක්කම්ලාභිනිය බවට ද පත්වෙමින් ජූලියන් ඇල්ෆ්‍රඩ් 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර් 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.
23 හැවිරිදි ඇල්ෆ්‍රඩ් අවසන් මහා තරගයේ ආධිපත්‍යය තමන් වෙත නතු කර ගත්තේ ප්‍රංශයට වර්ෂාපතනයක් ඇද හැළී අවසන්ව තිබියදීය.
ඇය ඒ සඳහා ගතකළ කාලය තත්පර 10.72කි.
අමෙරිකානු ලෝක ශූර ෂකාරි රිචඩ්සන් තත්පර 10.87කින් තරගය නිමකරමින් රිදී රිදී පදක්කම දිනාගත් අතර ඇගේ සගයා වන මෙලිසා ජෙෆර්සන් තෙවැනි ස්ථානයට පත්වුණේ තත්පර 10.92කින් තරගය නිම කරමිනි.
මහා බ්‍රිතාන්‍යයේ ඩැරල් නීටා සිව්වැනියා ලෙස තරගය නිමා කළේ තත්පර 10.96ක් ලෙස සටහන් කරමිනි.
නීටා වසර 64ක් පුරා ඔලිම්පික් කෙටිදුර ධාවන අවසන් තරගයකදී බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවකගේ හොඳම වේලාව සටහන් කළ නමුත් තනි පුද්ගල ගෝලීය පදක්කමක් හඹා යෑමට එය ප්‍රමාණවත් වූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart