
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා පමණක් වාහන 1000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංචාරක ව්‍යාපාරයේ භාවිත වන වාහනවල තත්ත්වය සතුටුදායක සහ ප්‍රමාණවත් නොවන අතර, වාහනවල සීමාවන් සහ පැරණි වාහන භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලබාගත් කීර්තිය කැළැල් වී ඇති බව රජය ප්‍රකාශ කරයි.
මෙම තත්වය සැළකිල්ලට ගනිමින් අදාළ වාහන ආනයනය සඳහා ගනු ලැබූ තීරණයට අදාළ කැබිනට් පත්‍රිකාව පහතින් දැක්වේ.
‘සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සැලකුවද, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක හා ප්‍රමාණවත් නොවන බවත්, යල්පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන සිටින කීර්ති නාමයට යම් හානියක් සිදු කරන බවත් පෙනී ගොස් ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයේ දායකත්වය සැලකිල්ලට ගනිමින් එකී කර්මාන්තයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, විශේෂ බදු සහන ලබා දීමකින් තොරව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart