
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ වයඹ දිග ෂින්ජියැන්ග් (Xinjiang) ප්‍රදේශයට හිම කඳුකඩා වැටීම හේතුවෙන්, සංචාරකයින් 1,000ක් පමණ අතරමංව සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
සංචාරකයන් සිරවී සිටින කසකස්ථානය, රුසියාව සහ මොංගෝලියාවේ දේශසීමා ආසන්නයේ පිහිටි ගමනාන්තයක් වන හේමු ගම්මානයට දින කිහිපයක සිට හිම කුණාටු හේතුවෙන් මාර්ග ප්‍රවේශය අඩාළ වී ඇත.
මෙම ගම්මානය ෂින්ජියැන්ග්හි Altay ප්‍රාන්තයේ පිහිටා ඇත.
ගස්, ගල් ආදී සුන්බුන් හිම සමග මිශ්‍ර වී තිබීම හේතුවෙන්, ගලවාගැනීමේ කටයුතු හා සහ හිම ඉවත් කිරීම අපහසු වී ඇති බව වාර්තා වේ.
ගලවාගැනීමේ සහ සහන කටයුතු සඳහා පුද්ගලයන් 53 දෙනකු සහ යන්ත්‍රෝපකරණ සහ උපකරණ කට්ටල 31ක් සංවිධානය කර ඇති බව Altay හි මහාමාර්ග කළමනාකරණ බලධාරීන් පවසා ඇත.
“මෙම හිම කුණාටු තත්ත්වය සාපේක්ෂ වශයෙන් විශේෂයි. අපි මීට පෙර මෙවැනි අධික හිම පතනයක් දැක ඇති නමුත්, එවැනි අධික හිම කුණාටු සංඛ්‍යාවක් අප දැක නැත” මහාමාර්ග කළමනාකරණ කාර්යාංශයේ ප්‍රධානී Zhao Jinsheng වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart