
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපයට පළායෑමේ අරමුණින් නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළු වූ බංග්ලාදේශ ජාතිකයන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන් සියලුදෙනාම වයස අවුරුදු 20ත් 30ත් අතර බංග්ලාදේශ ජාතිකයින් වේ.
ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාවට ගොස් ඇති අතර, එතැන් සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා සංචාරක වීසා ලබාගනිමින් පසුගිය පෙබරවාරියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙම බංග්ලාදේශ ජාතික පිරිමින් ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා රැඳී සිටි බව ආගමන නිලධාරීන් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා ආගමන හා විගමන පනත යටතේ පවතින බලතල ප්‍රකාරව, අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart