
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වීමෙන් පසු නැවත නොපැමිණි බවට වාර්තා වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.
ක්‍රීඩා ආශ්රිත වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අනුව, පලාගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රජයට රුපියල් මිලියන 50කට ආසන්න මූල්‍යමය අලාභයක් සිදු කර තිබේ.
එම දස දෙනාට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට ද පියවර ගනිමින් සිටින බව ක්‍රීඩා ආශ්රිත වැරදි වැළැක්වීමේ ඒකකය ඊයේ (17) අධිකරණයට දැනුම් දුන්නේය.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කෙරෙමින් පවතී.
2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්සත් රාජධානියට ගියද, තරග ඉසව්වලට සහභාගී වී නොමැති අතර නැවත මෙරටට පැමිණ නොමැති බව ද බව නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
2019 අංක 24 දරන ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 සහ 6 වගන්ති යටතේ අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චෝදනා ගොනු කර ඇත.
ඒ අනුව අසේල ද සිල්වා, චමිලා ඩිලානි, එස්. චතුරංග, වයි. නිකලස්, අශේන් රශ්මික, එස්. මලින්ත, ශ්‍රියන්තිකා ප්‍රනාන්දු, සංජීව රාජකරුණා සහ ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සංචාරක තහනම පනවන ලදී.
ක්‍රීඩා ආශ්රිත වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ අධිකරණයට පැවසුවේ 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කළ බවත්, පුහුණුකරුවන් 28 දෙනෙකු, නිලධාරීන් 11 දෙනෙකු සහ වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකු සහභාගී වූ බවත්ය.
ඔවුන් අතර, මල්ලවපොර ක්‍රීඩකයන් තිදෙනෙකු, ජූඩෝ ක්‍රීඩකයන් දෙදෙනෙකු, බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරඟයෙන් පසු ශ්‍රී ලංකාවට ආපසු නොපැමිණි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රටට සැළකිව යුතු පාඩුවක් සිදු වූ බවත් වාර්තා වේ.
කරුණු සළකා බැලීමෙන් පසු, වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, සැකකරුවන් දස දෙනාට විදේශ ගමන් තහනමක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart